ප්‍රහාර නිසා සියලු කොටස් මිල කඩාවැටෙයි

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයන් අද (23) දින ඒකක 203.77 කින් පහළ වැටී ඇත..

මේ අනුව අද (23) දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,402.58 ක් ලෙසින් වාර්තා විය.

එසේම අද දින S&P SL20 දර්ශකය ඒකක 102.60 කින් පහළ ගිය අතර එය දිනය අවසානයේ දී වාර්තා වූයේ ඒකක 2,607.67 ක් වශයෙනි.

මෙහිදී පූර්ව දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය 3.63% කින් හා S&P SL20 දර්ශකය 3.79% කින් පහළ ගොස් තිබේ.

අද දින දෛනික ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 226.88 කි