රජයේ ආයතනවලට , සුපිරි වෙළඳසල්වලට, එන්නත් සහතිකය අනිවාර්ය කෙරේ ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් එන්නත ලබා ගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීම කෙරෙහි කොවිඩ් මර්දන කමිටුවේ අවධානය යොමු වී ඇති බව වාර්තාවේ .

විශේෂයෙන් රජයේ ආයතනවලට සහ සුපිරි වෙළෙඳසල්වලට ඇතුළුවීමේදී එම කාඩ්පත ළග තිබීම අනිවාර්ය කිරීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඇතුළු විවිධ විවිධ පාර්ශ්ව දැනටමත් රජයට කරුණු පෙන්වා දී ඇත.

කොවිඩ් කමිටු රැස්වීමේදීද ඊයේ (30) මේ ගැන සාකච්ඡා වී ඇති අතර .මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පැවසුවේ කොවිඩ් මර්දනය සඳහා ඉදිරියේදී තවත් රෙගුලාසි හඳුන්වා දීමට සිදුවන බවය.