නවතම පුවත්

ශ්‍රී ලංකාවේ වේගවත් කොවිඩ් එන්නත්කරණය ඉලක්කයත් අභිබවා යයි – WHO

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය , කලින් සැලසුම් කල ඉලක්කයන්ද අභිබවා යමින්,  මේ වනවිට ඉතාමත් සාර්ථක ලෙස ඉදිරියට යමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටී .

විශේෂයෙන්ම සැප්තැම්බර මාසය තුල රටේ  ජනගහනයෙන් 10% ක් සම්පූර්ණ ලෙස එන්නත් කිරීම සඳහා සකසා තිබු ඉලක්කයද ශ්‍රී ලංකාව මේ වනවිට සාර්ථකව අභිබවා යමින් සිටින බවත්ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂජනරාල් ටෙඩ්රෝස් අදනම් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත

මෙසේ මෙරට එන්නත්කරන ක්‍රියාවලිය නිවැරදි මාවතකට ගැනීම සම්භන්ධව ශ්‍රී ලංකා රජයට මෙන්ම ජනතාවටත් ස්තූතිවන්ත වන බවත් අදනම් මහතා තම ට්විටර් පණිවුඩයේ දක්වා ඇත .

කොවිඩ් වෛරස ව්‍යාප්තියට එරෙහිව ශ්‍රී ලංකා රජය දිගින් දිගටම ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට ගෙනයාමට හැකි වනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් මෙම පණිවුඩයේ සඳහන් වේ.

මෙරට දෛනික එන්නත්කරණය ලක්‍ෂ පහේ සීමාව ඉක්මවා යාම ගැනද ලෝක සෞඛ්‍ය සංවිධානය තම ප්‍රසාදය පළකර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා