කොවිඩ් එන්නත් මාත්‍රාවක් හෝ නොගත් කොළඹ අය සොයා පොලිස් මෙහෙයුමක්

Picture of අසංක

අසංක

කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබානොගත් කොළඹ නගරය තුළ සිටින පුද්ගලයින් සොයා පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ප්‍රජා පොලිස් කමිටු සමග එක්ව පොලීසිය මෙම හෙයුම දියත්කර ඇත.

අද උදෑසන සිට කළ එම මෙහෙයුමෙන් හදුනාගත් 5000 කට වැඩි පිරිසක් මේ වන විට සුගතදාස ක්‍රීඩාංගනයට රැගෙනවිත් ඇත.

ඔවුන්ට එන්නත්කරණය සිදුවෙමින් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

මෙම කටයුත්තට සෞඛ්‍ය බලධාරීන් හා කොළඹ මහනගර සභාවේ නිලධාරීන් ද සහයෝගය දක්වන බව අජිත් රෝහණ මහතා කීය.