රට පුරා ඒකාබද්ධ මෙහෙයුමක් – ත්‍රිවිධ හමුදාවේ 10000ක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රමේෂ් වරල්ලෙගම

ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව දිවයිනපුරා ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස්පරිදි මෙම විශේෂිත ආරක්ෂක වැඩපිළිවෙල සදහා ත්‍රිවිධ හමුදා නිලධාරින් 10000කට අධික සංඛ්‍යාවක් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් 2000ක් කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා යොදවා ඇති බව හෙතම සදහන් කරයි.

ආරක්ෂක අමාත්‍යංශය ලිපි ශිර්ෂය යටතේ නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මේ බව අවධාරණය කර තිබේ.

එම නිවේදනයේ මෙසේ ද සදහන් වේ.

පාස්කු ඉරිදා කරිරු ත්‍රස්තවාදින්ගේ අමානුෂික ප්‍රහාර මාලාවෙන් පසු කඩිනමින් ක්‍රියාත්මක වු අප අමාත්‍යංශය ය‌ොත් ඇති පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවලට ඇතැම් ත්‍රස්තවාදීන් ජීවග්‍රහණයෙන් අත්අඩංගුවට ගැනීමට හැකිවිය. ඔවුන්ට අනුබල දුන් සහ ආරක්ෂාව සැලසු අයවළුන් බොහෝ පිරිසක්ද පොලිස් බාරයට ගැනීමට හැකිවිය. තවද ඔවුන් රැදී සිටි වාසස්ථාන, භාවිතා කළ රහස් නිවාස සොයා ගැනීමට හැකිවු බව එම නිවේදනයේ දැක්වේ.