නවතම පුවත්

සායින්තමරුතු ගැටුමේදී මියගිය ත්‍රස්තවාදීන් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි

අසංක

අසංක


රමේෂ් වරල්ලෙගම

කල්මුනේ සායින්තමරුතු ප්‍රදේශයේදී ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වු ප්‍රහාරය සම්පුර්ණයෙන්ම පාලනය කිරීමට යුදහමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය මීට සුළු මොහොතකට පෙර සමත්විය.

ඒ අනුව පිපිරුම් කිහිපයකට සමගාමීව වෙඩි හුවමාරුවකට පැමිණි ත්‍රස්තවාදීන්ව ප්‍රති ප්‍රහාර එල්ල කොට මුළුමනින්ම මෙල්ල කිරීමට යුද හමුදාව පියවර ගෙන ඇත.

පොලිසියට ලැබුණු ඔත්තුවකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය සමග යුද හමුදාවද අදාල මෙහෙයුම සදහා එක්විය.

 සායින්තමරුතු නිවසක මරාගෙන මරෙන බෝම්බ නිෂ්පාදනය කර ඇති බවට සැක කෙරෙන විශාල ප්‍රමාණයක පුපුරණ ද්‍රවය, බෝම්බ ස්විච, ඩෙටනේටර්, ජෙලග්නයිට් කූරු සහ බෝම්බ නිෂ්පාදනයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය තොගයක් සොයා ගැණිනි. එහි මරාගෙන මැරෙන ප්‍රහාරයට සම්බන්ධ බොම්බකරුවන් මෙහෙයුමට පෙර නිකුත් කළ වීඩියෝවේ ඇදසිටි ඇදුම් ආයිත්තම්, අයි.එස්.අයි.එස්  ධජය ඇතුළු උපකරණ රැසක් තිබි හමුවී තිබේ.

මෙම තොරතුරු අනුව දෙවැනි ස්ථානයක්ද සොයා ආරක්ෂක අංශ ගමන් කර ඇති අතර එම ස්ථානයේ සිටි සැකකරුවන් ඉන් පැනගිය බවට ලද තොරතුරු අනුව ඔවුන්ගේ තෙවැනි තිප්පොල ඉලක්ක කරගෙන හමුදාව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.

එ සැනින් පිපිරීම් කිහිපයක් සිදුව තිබේ. ඒ මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකුගේ ක්‍රියාත්මක වීමක් යැයි ආරක්ෂක අංශ සැක පහළ කරයි.

අනතුරුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානයකගේ  උපදෙස් පරිදි අම්පාර ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ඇතුළු යුද හමුදා භට පිරිස්  අදාල ප්‍රදේශය වටලා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමත් සමග ත්‍රස්තවාදීන් සැගවී සිට ප්‍රහාර එල්ල කර තිබේ.

අදාල ප්‍රහාරයට යුද හමුදාව ප්‍රති ප්‍රහාර එල්ල කර ඇත්තේ ඒ අනුවය. පැයකට ආසන්න කාලයක් එම ගැටුම පැවැති අතර මියගිය ත්‍රස්තවාදීන් දෙදෙනෙකුගේ සිරුරු ගිනි අවි සමග රාත්‍රිවනටවිට සොයාගෙන තිබිණි.

ගැටුම පැවැති ස්ථානයේ නිවස්නවලට සෝදිසි කිරීම් මෙතෙක් අවසන් වී නැත. දැනට එම ප්‍රදේශයේ ඇදිරි නීතිය ක්‍රියාත්ම වේ. 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා