කොළඹ ඉන්න 20ට වැඩි අයට හෙට සිට එන්නත්

Picture of අසංක

අසංක

කොළඹ මහනගර සභාවට අයත් කොළඹ 1 සිට 15 දක්වා ප්‍රදේශයේ ජීවත්වන අවුරුදු 20ට වැඩි පුද්ගලයින් සඳහා හෙට සිට කොවිඩ් එන්නත් ලබාදීම ආරම්භ කෙරේ.

උදෑසන 9 සිට පස්වරු 3 දක්වා එන්නත්කරණය සිදුකරන අතර ඉදිරියේදී අඛණ්ඩව එන්නත් කරන බැවින් විශාල ලෙස රැස්වීමට කලබල නොවන ලෙස ද දන්වා සිටී.

සුගතදාස ක්‍රීඩාංගන පරිශ්‍රය, ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ෆෝබ්ස් මාවතේ ප්‍රජා ශාලාව, කැම්බල් පාක්, ශාලිකා ශාලාව සහ රොක්සි උද්‍යානය මෙසේ එන්නත් කරනු ලබන ස්ථාන ය.

ෆෝබ්ස් මාවතේ, ශාලිකා ශාලාව සහ රොක්සිි උද්‍යානයේ එන්නත් මධ්‍යස්ථාන සඳහා ඊචැනලින් ඔස්සේ ද වෙලාවක් වෙන්කරවා ගත හැකිය. එම සේවාව පස්වරු 6න් පසු සක්‍රිය කෙරෙනු ඇත.

දින කිහිපයකට පෙර අවුරුදු 20 ට වැඩි අයට එන්නත් කිරීම රට තුළ ආරම්භ විය. මුලින්ම එය ආරම්භ වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි.