තවමත් 2000 ලැබුනේ නැත්නම් , කල යුතු දේ මෙන්න ,

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආදායම් අහිමිවූවන් වෙනුවෙන් ලබාදෙන රුපියල් 2,000 දීමනාව ලබාදීම සම්පූර්ණයෙන් ම පාහේ අවසන් කර ඇති බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධන බලකාය සඳහන් කර ඇත .
එම බලකාය සඳහන් කළේ, පවුල් ලක්ෂ 24 වෙත ලබාදී ඇති බවය.

කෙසේ වෙතත්, ආදායම් අහිමි වූ එහෙත් මෙතෙක් රුපියල් 2,000 දීමනාව ලැබී නොමැති අයෙකු වේ නම් ඒ සම්බන්ධයෙන් අභියාචනා ලබාදෙන්නැයි, ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධන බලකාය ජනතාවට දැනුම් දේ .

එම බළකාය සඳහන් කළේ, ඒ අනුව, අදාළ අභියාචනා දිස්ත්‍රික් ලේකම්වරුන්ට හෝ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබාදිය හැකි බවය.

මේ අතර, බැංකු ණය සහන දෙසැම්බර් මස 31 වන වනදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත .