නවතම පුවත්

පාලන මිලටම ‍දෙන්න රාජසන්තක සීනි පෞද්ගලික වෙළෙඳුන්ට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

නීතිවිරෝධී ලෙස ගබඩා කොට සඟවා තිබියදී රජයෙන් වටලා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා යටතට පත්කරන ලද සීනි තොග පෞද්ගලික අංශයේ තොග වෙළෙඳුන් වෙත නිකුත්කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති පාලන මිල යටතේ පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීම සඳහා පෞද්ගලික අංශයේ තොග වෙළෙදුන් වෙත මෙලෙස සීනි තොග නිකුත් කරනු ඇත.

විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා තොග වෙළෙඳුන් වෙත නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ අනුව සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 117කට සහ දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 120ක් බැගින් ගබඩාවලින් නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් 011 3 68 17 97 යන දුරකථන අංකය මගින් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව අමතා වැඩිදුර විමසීම් සිදු කළ හැකි බවද දැනුම් දෙයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා