නවතම පුවත්

ගුරුවරුන්ට 5000 දීමනාව මේ මාසේ පඩියට

අසංක

අසංක

ගුරුවරුන් වෙත අන්තර්ජාලය හරහා ඉගැන්වීම් කිරීම වෙනුවෙන් සහනයක් ලෙස ලබාදෙන අන්තර් දීමනාව වන රුපියල් 5,000ක් මේ මස වැටුපට ලැබෙනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

රජය ලබාදී ඇති විසඳුම පිළිගෙන ගුරු – විදුහල්පතිවරු නැවත සේවයට වාර්තා කරනු ඇතැයි ද විශ්වාස කරන බව අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු කීය.

“ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් රජයට වර්තමාන ආර්ථික තත්ත්වය හා මූල්‍ය තත්ත්වය යටතේ ලබාදිය හැකි වැටුප් වර්ධක පිළිබඳව ඉතාම පැහැදිලිව ප්‍රකාශයට පත්කළා. එහිදී ගුරු සේවයේ සහ විදුහල්පති සේවයේ විවිධ ස්ථර සඳහා 17% සිට 26% දක්වා මූලික වැටුපේ වැඩිවීමක් සිදුවෙන බව සියලු දෙනාම දන්නා කාරණයක්.

සංගම්වලින් ඒක එක් වතාවකදී ලබාදෙන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා. නමුත් පවතින මූල්‍ය තත්ත්වය නිසා ඒ සම්බන්ධයෙන් අවස්ථා 3කදී පමණ මේක ලබාදීමට හැකියාව තිබෙන්නේ කියලා අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අදාළ නිශ්චිත යෝජනාව 2022 වසර සඳහා වන නොවැම්බර් අයවැය ලේඛනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරනු ඇති. එතෙක් තමයි අන්තර්ජාලය හරහා ඉගැන්වීම් ඇතුළු ඔවුන් කරන කටයුතු වෙනුවෙන් සහනයක් හැටියටත් දිරි දීමනාවක් හැටියටත් තමයි අන්තර් දීමනාවක් හැටියට මාසෙකට රුපියල් 5,000ක් ලබාදෙන්න යෝජනා කළේ. ඒක මේ මාසේ වැටුපට ඔවුන්ට ලැබෙනු ඇති.

රජයට හැකි උපරිමයෙන් මේ කටයුතු කරනවා. ඒක පිළිගෙන සෑම ගුරුවරයෙකු විදුහල්පතිවරයෙකුම නැවත සේවයට වාර්තා කරයි කියලා අපි විශ්වාස කරනවා.”යැයි ද ‍රමේෂ් පතිරණ අමාත්‍යවරයා කීය

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි