නවතම පුවත්

හදිසි නීතිය වැඩිකල් ඇදෙන්නේ නෑ – රජය

අසංක

අසංක

හදිසි නීතිය දීර්ඝ කාලීනව පවත්වාගෙන යාමේ බලාපොරොත්තුවක් රජයට නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය, කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ අහාර සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය පාලනය කර ගැනීම හදිසි නීති ගෙන ඒමේ අරමුණ වී ඇති බව අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා කියා සිටියේය.

පාරිභෝගික ආරක්ෂක පනත යටතේ තිබෙන යම් යම් විධිවිධාන ශක්තිමත් නොවන බව වටහා ගැනීමෙන් අනතුරුව එම විධිවිධාන ශක්තිමත් කිරීමට අවශ්‍ය නීතිරීති සකස්වෙමින් තිබෙන හෙයින් යම් කලක් ගත වීමේ ඉඩකඩක් තිබෙන අතර, නීතිපතිවරයාගේ අනුමැතිය, ඒවා අධිකරණයේ දී අභියෝගවලට ලක්කරන කාල සිමාව සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට සමමත කරගැනීමට ගත වන කාල සීමාවන් සළකා බලා එම නෛතික රාමුව ශක්තිමත් වන තෙක් අහාර සම්බන්ධව සහ වර්තමාන සමාජ තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම හදිසි නීතිය පනවා තිබෙන බව අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර සිටියේය.

වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව මෙරට උද්ඝෝෂණ රාශියක් සිදු වුන අතර කොරෝනා දරුණු අවධියේ දී උද්ඝෝෂණ පැවතුණ බව සඳහන් කළ අමාත්‍යවරයා, උද්ඝෝෂණ පැවැත්වීමට නියමිත ස්ථානයක් ලබා දුන්නා මිස එකඳු ජල ප්‍රහාරයක් හෝ බැටන් ප්‍රහාරයක් වත් එල්ල කිරීමට රජය විසින් කටයුතු නොකළ බව ද සඳහන් කර සිටියේ ය.

ඒ අනුව, මෙරට තුළ භාෂණයේ නිදහස, උද්ඝෝෂණයේ නිදහස මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු සියලුම දේ ආරක්ෂා වන අතරම, ජනතාවගෙන් අසාධාරණ ලෙස ගසා කන යම් යම් වෙළඳ කොටස් පිළබඳව ජනතාව තුළ විරෝධයක් පැන නැඟී තිබෙන අතරම ජනතාව අතර රජයක් පිළිබඳව යම් වික්ෂිප්තභාවයක් ද ඇති ව තිබෙන හෙයින් මෙම කාර්යය සිදු කරන ලද බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි