නවතම පුවත්

ඉතාලි සංචාරයට යන අගමැතිවරයා පාප් වහන්සේ හමුවන කතා අසත්‍යයි

අසංක

අසංක

ඉතාලියේ සංචාරයකට එක්වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම සංචාරයේ දී අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානුවේ දී බැහැ දකින බවට පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය බව අගමැති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සහ රාජතාන්ත්‍රික හමුවීම් පදනම් කරගනිමින් අග්‍රාමාත්‍යවරයාගේ ඉතාලි සංචාරය සැළසුම් කර තිබෙන බව ද එහි දැක්වේ.

අගමැතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයාා ඇතුළු මෙරට කණ්ඩායම ඉතාලි සමුළුවෙන් පසුව වතිකානුවේ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවන බවත් එහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරට රජය කරගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවටත් පුවත්පතක පළවි තිබුණි.

එම පුවත හුවා දක්වමින් අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ එම ගමන හෙළ දැක තිබුණි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි