නවතම පුවත්

ඖෂධ දත්ත මැකුවාට සමාගම් ලොක්කා අත්අඩංගුවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


දම්පත් රණසිංහ

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියෙන් ඖෂධ පිළිබඳ දත්ත ගොනුවක් මැකීයාම සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව එම දත්ත පද්ධතිය කළමනාකරණය භාරව සිටි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳ කෙරෙන විමර්ශනවලදී දත්ත මැකීයාම සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.

එම කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(09) දිනයේ අධිකරණයට වාර්තා කිරීමට සූදානම්ව සිටී.

මැකීගොස් ඇත්තේ ප්‍රධාන ඖෂධ දත්ත ගොනුව නොවන අතර පිටත වෙනත් ගොනුවක් බව කියැවේ. කෙසේවෙතත් එම දත්ත වැරදීමකින් මැකීගොස් ඇතැයි මීට පෙර එම සමාගම ප්‍රකාශයක් කර තිබුණි.

මෙම දත්ත ගොනුව නැවත ලබාගැනීමේ කටයුතු මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණික විශේෂඥ කණ්ඩායමක් විසින් මේ වනවිටත් සිදුකරමින් පවතී.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ, වෛද්‍ය උපකරණ, සීමාස්ත නිෂ්පාදන, විලවුන් නිෂ්පාදන, ඔසුසල් සහ ඖෂධ ප්‍රවාහනය සහ බෙදා හැරීම සඳහා ලියාපදිංචි කිරීම බලපත් නිකුත් කිරීම ආදි කරුණු නියාමනය කරන ආයතනයයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා