නවතම පුවත්

කොවිඩ් ණය සහනය දීර්ඝ කරන්න බැංකුවලට දැනුම් දෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

කොවිඩ් -19 වසංගත තත්ත්වය ඉහළයාම හේතුවෙන් මීට පෙර ණය ගනුදෙනුකරුවන් සඳහා ලබාදී තිබූ ණය සහනය  මෙම වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කරන ලෙස මහ බැංකුව විසින් සියලු බලපත්‍රලාභි වාණිජ බැංකු වෙත දැනුම්දී තිබේ.

අදාළ සහන කාලය පසුගිය මස 31 වනදායින් අවසන් වුණි. මහ බැංකුව විසින් නිශ්චිතව දක්වන ලද සමස්ත ප්‍රතිලාභයන්ට නොඅඩු වන සේ බලපෑමට ලක්වූ ණය ගනුදෙනුකරුවන්ට ඔවුන් ඉල්ලා සිටින අතිරේක සහනයන් ලබාදීමට සලකාබලන ලෙස ද ඉල්ලා ඇත.

මෙම ණය සහනය සඳහා සුදුසුකම් ලත් ගනුදෙනුකරුවන්ට අදාළ බලපත්‍ර ලාභි බැංකු වෙත හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ ක්ෂණික අංක 1935 හෝ 011 2 477 966 හෝ 011 2 477 129 යන දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

බලපත්‍ර ලාභී වාණිජ බැංකු වෙත මහ බැංකුව විසින් නිකුත් කර ඇති මීට අදාල චක්‍ර ලේඛය www.cbsl.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි