නවතම පුවත්

ශ්‍රී ලංකාවේ කොවිඩ් ව්‍යාප්තියේ 96%කට හේතුව ඩෙල්ටා ප්‍රභේදයයි – නවතම අනාවරණය

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 ආසාදන වලින් 95.8% කට ඩෙල්ටා ප්‍රභේදය වගකිව යුතු බව ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සෛල ජීව විද්‍යා ඒකකය අනාවරණය කරගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල විවිධ SARS-CoV-2 ප්‍රභේදවල ව්‍යාප්තිය පිළිබඳව පරීක්‍ෂා කිරීමෙන් පසුව, එම ඒකකයේ පර්යේෂකයින් මේ බව සොයාගෙන ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා අණුක හා අණුක වෛද්‍ය විද්‍යාවේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජීව විද්‍යා ඒකකයේ මහාචාර්ය නීලිකා මාලවිගේ, ආචාර්ය චන්දිම ජීවන්දර ඇතුළු මෙම ඒකකයේ පර්යේෂකයන් විසින් මෙරට තුළ නව කොවිඩ් ප්‍රභේද හා ඒවායේ හැසිරීම පිළිබඳ අධ්‍යයනයේ නිරත වේ.

ඔවුන්ගේ නවතම පර්යේෂණ ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකාවේ ආසාදන සහ විවිධ පළාත්වල ඩෙල්ටා ව්‍යාප්තිය 84% සිට 100% දක්වා විහිදී ගොස් ඇති බවය.

එබැවින් COVID-19 පාලනය කිරීම සම්බන්ධයෙන් අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී සඳහා ලංකාවේ විවිධ පළාත්වල විවිධ SARS-CoV-2 ප්‍රභේද වල ව්‍යාප්තිය සොයා බැලීම වැදගත් බව ඔවුහු පෙන්වා දෙති.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි