නවතම පුවත්

ශ්‍රී ලංකාව යළි ලෝක සංචාරක අලෙවි ප්‍රදර්ශනයන්ට එක්වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සදහා ලෝක සංචාරක අලෙවි ප්‍රදර්ශන සඳහා සහභාගි වීම නැවතත් ආරම්භ කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.

ලෝක වසංගත තත්වය හමුවේ සංචාරක අලෙවි ප්‍රදර්ශන සඳහා සහභාගි වීම ශ්‍රී ලංකාව වසරක පමණ කාලයක් නවතා තිබූ අතර ශ්‍රී ලංකාව නැවත සංචාරකයන්ට විවෘත කිරීමට ගත් තීරණයත් සමඟ සංචාරක ආකර්ෂණය කර ගැනීම සදහා නැවත එවැනි ප්‍රදර්ශන සඳහා සහභාගිවීමට තීරණය කළ බවද එම අධිකාරිය කියා සිටී.

ඒ අනුව රුසියාවේ මොස්කව් නුවර එක්ස්ෆො සෙන්ටර් හි පැවැත්වෙන ජාත්‍යන්තර රුසියානු සංචාරක ප්‍රදර්ශනයට සංචාරක සංවර්ධන අධිකාරිය ද එක් ව සිටින බව එම අධිකාරිය කියා සිටී.

27 වන වරට පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සඳහා රටවල් 21ක සංචාරක ප්‍රවර්ධන ආයතනවල හාරසිය පනස් දෙනෙකු සහභාගි වූ අතර .මේ සඳහා ශ්‍රී ලංකාවේ සංචාරක නියෝජිත ආයතන 15ක් ද සහභාගීව සිටිති.

මෙම ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය විවෘත කෙරුණේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතිනි. ඉදිරියේ පැවැත්වෙන සෑම සංචාරක අලෙවි ප්‍රදර්ශන සඳහාම ශ්‍රී ලංකාව එක්වන බව ශ්‍රී ලංකා වෙළෙඳ කුටිය විවෘත කරමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

සංචාරක සංවර්ධන අධිකාරියේ අලෙවි ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි අයට ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින් “ceylon tea” නාමය යටතේ තේ පැන් සංග්‍රහයක් ලබා දීම ද සිදුකෙරිණි.. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ද මේ සඳහා ප්‍රදර්ශන කුටියක් තිබූ අතර ඇමති ප්‍රසන්න රණතුංග මහතා එම ප්‍රදර්ශන කුටිය ද නිරීක්ෂණය කළේය.

මෙම අවස්ථාවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය,ගුවන් තොටුපල හා අපනයන සැකසුම් කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් sunilgunawardenaසංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු, ශ්‍රී ලන්කන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියාරච්චි ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයින් සහභාගී වූහ.

රුසියානු සමූහාණ්ඩුව ට අයත් රටවල නියෝජිතයින් මෙන්ම චීනය, කියුබාව, පකිස්ථානයේ ලාහෝරය , අසර්බයිජානය, ඊජිප්තුව ඇතුළු රටවල් 21කින් මෙම ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කර තිබුණි .

නැවතත් සංචාරක ආකර්ෂණය ලබා ගැනීමේ අරමුණෙන් මෙවැනි ප්‍රදර්ශන වලට ලෝකයේ බොහෝ රටවල් සහභාගීවේ.වසංගත තත්ත්වයත් සමඟ පසුගිය වසරේ පැවති කිසිදු සංචාරක ප්‍රදර්ශනයකට ශ්‍රී ලංකාව සහභාගි වූයේ නැත .

ඒ ඒ රටවල සංචාරක නැරඹුම් ස්ථාන, ස්වභාව සෞන්දර්ය, විනෝදාස්වාදය ලැබිය හැකි ස්ථාන ආදිය පිළිබඳව රුසියානු සංචාරකයන් දැනුම්වත් කර ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබිණි

.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා