නවතම පුවත්

එන්නත ගන්නේ නැත්තේ “කටුවට ” බය නිසා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් මර්දන එන්නත ලබාගත හැකි මෙරට ජනගහනයෙන් සියයට දහයකට ආසන්න පිරිසක් එන්නත් කටුවලට ( සිරින්ජර) ඇති බිය නිසා එන්නත් ලබා ගැනීම මගහරින බව පෙනී ගොස් ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මාධ්‍ය වෙත  පැවැසීය.

මෙම මානසික තත්වය එන්නත් කටු බිය (NEEDLE PHOBIA) ලෙස හැඳින්වෙන බවද හෙතෙම සඳහන් කළේ‍ය.

මේ පිරිස් එන්නත් ලබාගැනීමේදී අධික වේදනාකාරී තත්වයක් ඇතිවේ යැයි අස්ථාන බියකින් පසුවන බවත් එන්නතක් ලබා ගැනීම කිසිසේත්ම වේදනාකාරී අත්දැකීමක් නොවන බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.

එන්නතක් ලබා ගැනීමේදී ඇතිවන වේදනාව මදුරුවකු කනවා හා සමාන යැයිද දීපාල් පෙරේරා මහතා කිවේය.

එන්නත් කටුවලට බියවී එන්නත ලබා ගැනීම මගහරින පිරිස් අතර වයස 60 ට වැඩි කොරෝනා අධි අවදානම් අයද සිටින බව ඔහු පැවසුවේය.

මුළු ලෝකයේම එන්නත් කටුවලට බිය සියයට දහයක් පමණ සිටින බව වෛද්‍ය පර්යේෂණ වාර්තා විශ්ලේෂණයේදී පෙනී යන්නේ යැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරයා කොවිඩ්වලින් මරණයට පත්වීම වැළැක්වීමට ඇති එකම විසඳුම එන්නත්කරණය හෙයින් නොපමාව එන්නත ලබා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද පැවැසීය.

 

 

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි