පැතුම් වික්‍රමරත්න
මහාචාර්ය මලික් පීරිස් මහතාට චීනය විසින් 2021 වර්ෂයේ ‘අනාගත විද්‍යා ත්‍යාගය’ පිරිනමා ඇත
ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මහාචාර්ය මලික් පීරිස් මහතාට අමතරව චීන ජාතික මහාචාර්යවරයෙකු වූ යූන් ක්වොක් යුන්ග් මහතාට මේ වසර සඳහා වූ අදාළ ත්‍යාගය පිරිනමා ඇති බවය..
ඒ අනුව මහාචාර්ය මලික් පීරිස් මහතාට අමෙරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් ද හිමිව ඇති අතර . 2003 වර්ෂයේ දී සාර්ස් සහ මර්ස් යන වෛරසයන් පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ මගින් හඳුනාගැනීම හේතුවෙන් එම ත්‍යාගය පිරිනමා ඇත.
චීන නොබෙල් ත්‍යාගය ලෙස සැලකෙන මෙම ” අනාගත විද්‍යා ත්‍යාගය”, 2016 වර්ෂයේ සිට චීනය විසින් කීර්තිමත් විද්‍යාඥයින් සඳහා විද්‍යාත්මක සොයාගැනීම් වෙනුවෙන් සහ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය වෙනුවෙන් පිරිනමන බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කර ඇත .