පැතුම් වික්‍රමරත්න
වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ තරුණියන් එන්නත් ලබාගැනීම සඳහා පවතින උනන්දුව අඩුවී ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටී .
ඔහු පෙන්වා දෙන්නේ, කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීමෙන් ලිංගික ශක්තිය හීනවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය කරුණු හේතුවෙන් තරුණ තරුණියන් තුළ එන්නත් ලබාගැනීමට තිබූ උනන්දුව අඩුවී ඇති බවය.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඖෂධ නිෂ්පාදනය සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා,මෙසේද පැවසීය
“ඇතැම් ප්‍රදේශවල තරුණ තරුණියන්ගේ එන්නත් ලබාගැනීමේ අඩුවක් දක්නට ලැබෙනවා. එක හේතුවක් හැටියට දැනට අපිට පෙනී ගිහින් තියෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ යන ප්‍රචාර. කොවිඩ් -19 රෝගයට එන්නත ලබාගැනීමෙන් ලිංගික ශක්තිය හීන වෙනවා, දරුවො හැදීමේ හැකියාව නැති වෙනවා.. කියලා. මේ ආකාරයේ විවිධ කතා තරුණ තරුණියන්ගේ ඔළුවලට වැටිලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ලෝකෙ කරලා තියෙන පරීක්ෂණ අපි හොයලා බැලුවා. කිසිම තැනකින් එහෙම වාර්තා වෙලා නෑ. ඒක සම්පූර්ණයෙන්ම ව්‍යාජ කරුණක්. ඒ වගේම නිශ්චිත වශයෙන්ම කියන්න පුළුවන් අවුරුදු 30ට වැඩි පිරිසට තව සතියක් ඇතුළත එන්නත්කරණය නිමා කරන්න පුළුවන් වෙනවා.”
“උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා එන්නත් ලබාදිය යුතුයි කියන අදහස මතුවුණා. ඒ වගේම ප්‍රාථමික පන්තිවල ඉන්න ළමයිට එන්නත්කරණය අවශ්‍ය නෑ. මොකද මේ වෛරසයට ගොදුරුවීමේ ඉතාම අඩු ප්‍රවණතාවයක් කුඩා ළමුන්ගේ තියෙන්නේ. ඒ නිසා එම පන්තිවලින් එන්නත්කරණය ආරම්භ කරන්න පුළුවන් කියලා තවත් යෝජනාවක් ඇති වුණා. මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළා. මේ ගැන කමිටුවක් පත්කරලා තියෙනවා. මේ සතියේ කමිටුවේ නිර්දේශ ලැබෙයි. ඒ වගේම පෙරපාසල් යන වයසේ දරුවන්ටත් යම්කිසි නිර්දේශයක් ලබාදෙන්න කියලා මේ කමිටුවෙන් ඉල්ලීමක් කළා.”