දරුවන් ඔන්ලයින් යන විට,අවධානයෙන් ඉන්න! ළමාරක්ෂණ අධිකාරිය දෙමාපියන්ට දැනුම්දේ..

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මාර්ග ගත ( ඔන්ලයින් ) අධ්‍යාපන ක්‍රමය ඔස්සේ දරුවන් උපකාරක පන්ති සදහා යොමු කිරීමේදී , එහි සිදුවන ක්‍රියාකාරකම් පිළිබද මවුපියන්  දැඩි අවධානයකින් පසුවිය යුතු බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය අවධාරණය කර සිටී

ඔන්ලයින් ඉගැන්වීම්වලදී දරුවන් විවිධ අපචාරයන්ට ලක්විමේ සිද්ධීන් කිහිපයක් ඉකුත් සමයේ වාර්තා වී තිබින . ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය ඔස්සේ උපකාරක පන්ති පවත්වන අතරතුර 15 හැවිරිදි දැරියකගේ නිරුවත් ඡායාරූප ගෙන්වා ගත් බව කියන උපකාරක පන්ති ගුරුවරයෙක් පානදුර දිග්ගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමේ පුවතක් ඉකුත්දා වාර්තා විය .

අදාළ දැරියගේ මව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබින .

ඔන්ලයින් උපකාරක පන්ති සදහා යොමුවන දරුවන් අපරචාර ක්‍රියාවලට ලක්වීමේ එවැනි සිද්ධීන් කිහිපයක් පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ  මහතා මාධ්‍ය වෙත  කියා සිටියේය