කොවිඩ් 19 වෛරස පරීක්ෂාව සඳහා , ටාටා එම් ඩී ක්‍රිස්පර් (TATA MD CRISPR .- COVID 19 Testing Solution ) වැඩසටහන මෙරටට හඳුන්වාදීමට , ජාත්‍යන්තර ටාටා සමාගම ((Tata Global Group ) සූදානමින් සිටි.
එම වැඩසටහනේ ඇති සුවිශේෂීත්වය වන්නේ, ඩොලර් දහයක් වැනි සුළු මුදලකට, සම්පූර්ණ පී සී ආර් පරීක්‍ෂණයක් සිදුකිරීමට ඒ හරහා හැකියාව ලැබීමයි
වෛරස ප්‍රවාහන මාධ්‍ය , නිස්සාරණ කාරකය හා අවශ්‍ය සියලු උපාංගද මෙම ඩොලර් දහයක ( රුපියල් 2000 ක් පමණ ) මුදලට ඇතුලත්වන බව ටාටා සමාගමට (tata globel group ) අනුබද්ධ ටාටා මෙඩිකල් (Tata Medical & Diagnostics) හි වෙළඳ නියෝජිත ආයතනය වන පී ටී සී මෙඩිකල් පුද්ගලික සමාගමේ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්‍ෂක නිවන්ත සෝමනායක මහතා පැවසීය .
මේ වනවිට මෙම වැඩසටහන අදාළ ව්‍යාපෘති යෝජනාව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට භාරදී ඇති බවත් මීට පෙර එය හිටපු සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙතද ලාබාදුන් බවත් ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය .
මේ වනවිට රජයට එක පී සී ආර් පරීක්ෂණයක් සඳහා රුපියක් 5500 ක පමණ මුදලක් වැයවන බවත් ,ටාටා සමාගමේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කළහොත් මෙරටට පී සී ආර් පරීක්ෂණ කටයුතු සඳහා වාර්ෂිකව වැයවන මුදලින් , රුපියල් බිලියන 10 ක පමණ ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකිවනු ඇති බවත් සෝමනායක මහතා මෙහිදී පැවසීය .
මීට අමතරව රුපියල් මිලියන 500ක් වටිනා ජංගම රසායනාගාර පහක්ද මෙම වැඩසටහන යටතේ මෙරටට ලබාදීමට ටාටා සමාගම සැලසුම් කර ඇත .
මෙම රසායනාගාර තුල , සෙල්සියස් අංශක ඍන 80 ක මට්ටමකින් එන්නත් ගබඩා කිරීමේ පහසුකම් සහිත අධි ශීතකරණයන අන්තර්ගත වන බවද ඒ මහතා පැවසීය .
එසේම මෙම වැඩසටහන යටතේ මෙරට සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයට මධ්‍යම දත්ත වාර්තා ඒකකයක් පිහිටුවීමටද අවශ්‍ය සියලු සහය ලබාදීමට ටාටා සමාගම සූදානමින් සිටී .
ඒ හරහා වසංගත රෝග පැතිරයාම පිලිබඳ දත්ත ඉතා ක්‍ෂනිකව හා නිරවද්‍යව ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත .