ජගත් සංවිධානයේ චෝදනාවන්ට තානාපතිවරුන් පිළිතුරු දිය යුතුයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදී මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැච්ලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාචික වාර්තාවේ ඇතුලත් බොහෝ කරුණු එම කවුන්සිලයේ පරමාර්ථ ඉක්මවා යන ඒවා බව නීතීඥ ආචාර්ය ප්‍රතිභා මහානාම පවසයි

කෙසේ වුවත් එම සියලු චෝදනාවලට නිෂ්චිත වශයෙන් ලංකාව පිළිතුරු ලබාදිය යුතු බව මාධ්‍ය ව වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේය .

සියලු රටවල තානාපතිවරුන් කැදවා එල්ලවී ඇති චෝදනාවලට පිළිතුරු ලබාදී ඔවුන් දැනුවත් කළ යුතු බවද නීතීඥ ආචාර්ය ප්‍රතිභා මහානාම වැඩිදුරටත් පෙන්වා දුන්නේය .