ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති සහ ශ්‍රී ලංකා විදේශ සේවයේ සිටි ජ්‍යෙෂ්ඨතම රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන රවිනාථ ආර්යසිංහ මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගෙන ඇත.
විදේශ අමාත්‍යාංශ ල්කම් ධූරය දරමින් සිටියදී 2020 වසරේ දෙසැම්බර් 04 අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රාජකාරි ආරම්භ කළ රවිනාථ ආර්යසිංහ මහතාට වයස අවුරුදු 60 සම්පූර්ණවීම හේතුවෙන් එම ධුරයෙන් විශ්‍රාම ගෙන ඇතැයි විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශයෙකු මාධ්‍ය වෙත පැවසීය.
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වී මාස 9ක කාලයකට පසුව ඔහු එම ධුරයෙන් විශ්‍රාම ගෙන ඇති අතර ඒ අනුව රවිනාථ ආර්යසිංහ මහතා නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නියමිතය.