නවතම පුවත්

ඉතාලි සංචාරයේ දී විදේශ ඇමති ආගමික නායකයෝ හමුවෙති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ඉතාලියේ දී මේ දිනවල පැවැත්වෙන ජී 20 අන්තර් ආගමික සංසදයට එක්වීම සඳහා ඉතාලියේ එරට නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකට ද එක්වීමට කටයුතු යොදා තිබේ.

මේ අතර එම සංචාරයට සහභාගි වී සිටින විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා එම සංසදයට සමගාමීව පැවැත්වෙන අතුරු හමුවකදී ආගමික නායකයින් කිහිපදෙනකු සමඟ සාකච්ඡාවල නිරත වී තිබේ.

විදේශ අමාත්‍යවරයා බොලොඤ්ඤාහි කාදිනල් අගරදගුරු මතේඕ මරියා සුප්පි හිමි ද සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත.

එමෙන්ම බක්තාෂි මුස්ලිම්වරුන්ගේ ලෝක නායකයා වන 8 වන බෙක්තාෂි දේදේබාබා හි හජ්ජි බබා මොන්ඩි ද මෙහිදී විදේශ ඇමති මහාචාර්ය ජී එල් පීරිස් සමඟ සාකච්ඡා පැවැත්වූ ආගමික නායකයින් අතර විය.

බොලොඤ්ඤාහි පැවැත්වෙන ජී20 අන්තර් ආගමික සංසදය පැවැත්වෙන්නේ ඉතාලි ජනාධිපති කාර්යාලයේ අනුග්‍රහය යටතේය.

මෙම හමුවට ඉතාලියේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති සිසිර සෙනවිරත්න මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි