නවතම පුවත්

චීන ළමා පොත් ලංකාවේ ප්‍රකාශනය නව අදියරකින් ඇරඹේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීන ළමා පොත් ලංකාවේ ප්‍රකාශනය නව අදියරකින් ආරම්භ කිරීමට නියමිත අතර ඒ යටතේ වානර වික්‍රම කතා මාලාව ඇතුළු චීන ළමා පොත් දාහතක (17) සිංහල මාධ්‍ය ප්‍රකාශන හා සංස්කරණ අයිතිය ශ්‍රී ලංකාවේ කඩුල්ල ප්‍රකාශන ආයතනයට ලබාදීමට චීන විදේශ භාෂා කාර්යාංශයේ ෂාඕහුවා (Zaohua) ප්‍රකාශන ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙම ආයතන දෙක උපායමාර්ගික සහයෝගිතාව ප්‍රකාශයට පත් කිරීමේ ගිවිසුම් පසුගිය 15 දා මාර්ගගතව අත්සන් කළ බව ( China net Beijing) චයිනා නෙට් බීජිං ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

ෂාඕහුවා ප්‍රකාශන ආයතනය වෙනුවෙන් එහි සභාපති වැන්ග් ටාඕ මහතා ද කඩුල්ල ප්‍රකාශන ආයතනය වෙනුවෙන් එහි සභාපති ප්‍රියන්ත රණසිංහ මහතා ද මෙම ගිවිසුමට මාර්ගගතව අත්සන් තබනු ලැබූහ.

මෙහිදී ෂාඕහුවා ප්‍රකාශන ආයතනයේ සභාපති වැන්ග් ටාඕ මහතා ප්‍රකාශ කළේ, “චීන කතා ලොව පුරා සිටින පාඨකයන් විසින් බෙදා ගත යුතු බවයි.

ෂාඕහුවා ප්‍රකාශන ආයතනයේ ප්‍රකාශිත මෙහෙවර නම් විදේශීය නව පරම්පරාවේ කණ්ඩායම් සඳහා බහු භාෂා පොත් ප්‍රකාශනය සහ බහු කියවීමේ සේවා සැපයීම සහ ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය ඉගැන්නුම් හා සංස්කෘතික හුවමාරුව පහසු කරවීම සඳහා පොත් මාධ්‍ය බවට ගැනීම බවයි.

මෙම අත්සන් කිරීමෙන් අනතුරුව ආරම්භයේ සිටම දෙපාර්ශවයම අන්තර්ජාතික ප්‍රකාශන ක්ෂේත්‍රය තුළ වඩාත් ක්‍රියාකාරී සහයෝගීතාවයක් සහ පුහුණුවක් සිදු කරනු ඇත.

කඩුල්ල ප්‍රකාශන ආයතනය සභාපති ප්‍රියන්ත රණසිංහ මහතා ප්‍රකාශ කළේ,”වානර වික්‍රම කතා මාලාව වැනි චීන කතන්දර පොත් කලක් ලංකාවේ ජනප්‍රිය වූ අතර ලංකාවේ ළමා කාලය සමඟ ඒවා බැඳී පැවති බවත් ෂාඕහුවා ප්‍රකාශන ආයතනය සමග ඇතිකරගත් මෙම උපාය මාර්ගික සහයෝගීතාවයෙන් කියවීමේ සංස්කෘතිය ප්‍රවර්ධනය ශක්තිමත් කිරීමටත්,චීන සංස්කෘතිය පිළිබඳව මෙරට තරුණ හා ළමා පරපුරට අවබෝධ කරගැනීමට හා සමීප වීමට වඩා පුළුල් කවුළුවක් විවෘත කිරීමටත් බලාපොරොත්තු වන බවය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි