එක්සත් රාජධානියේ රතු සංචාරක ලැයිස්තුවෙන් සැප්තැම්බර් 22 වෙනිදා අළුයම 4 සිට බලපැවැත්වෙන පරිදි ශ්රී ලංකාව ඉවත් කෙරෙන බව එරට රජය නිවේදනය කර තිබේ.
ශ්රී ලංකාව ඇතුළු රටවල් 8ක් මෙලෙස රතු ලැයිස්තුවෙන් ඉවත් කොට නව “ආරක්ෂිත” ලැයිස්තුවට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
එක්සත් රාජධානියේ රජය විසින් තහවුරු කළ එම රටවල් වන්නේ තුර්කිය, පකිස්ථානය, මාලදිවයින, ඊජිප්තුව, ශ්රී ලංකාව, ඕමානය, බංග්ලාදේශය සහ කෙන්යාව ය.