ගමේ දරුවන්ට වීදියත් පාසලක් කළ ගුරුවරයා (🎞️)

Picture of අසංක

අසංක

ඉන්දියාවේ නැගෙනහිර කෙලවරේ පිහිටි කුඩා ගම්මානයක, ගෙවල්වල බිත්ති කළු ලෑලි බවටත්, වීදිය පන්ති කාමර බවටත් පත් කළ ගුරුවරයෙකු පිළිබඳ පුවතක් වාර්තා වේ.

දිගු කාලයක් තිස්සේ පවතිනි කොවිිඩ් වසංගතය නිසා රටේ පාසල් වසා දැමීම් හේතුවෙන් ඇති වූ ඉගෙනීමේ පරතරය නැති කිරීම ඔහුගේ උත්සාහයයි.

රටේ එක් කොනක පිරිසක් ඔන්ලයින් ඉගෙනුම ලබද්දී මේ දරුවන්ට එය හිතාගැනීමටවත් නොහැකි තත්ත්වයකි.

එහෙත් ඊට හැකි අයුරින් විසඳුමක් සොයාගත් 34 හැවිරිදි මෙම ගුරුවරයා දීප් නාරායන් නායක් ය.

වීදියේ ගුරුවරයා

ජෝබා ආට්පාරා ගම්මානයේ වීදිවල නිවාසවල වල පිටත බිත්තිවල ඔහු කළු ලෑලි මෙන් සකසා දුරස්ථව දරුවන් හිඳුවා ඉගැන්වීම් කරයි.

ඔහුට ආදරය හා ගෞරවය දක්වන්නන් දැන් ඔහුව අමතන්නේ ‘වීදියේ ගුරුවරයා’ ලෙසයි.

මහමඟට බැස වැඩි කාසි ඉල්ලා මොරදෙන ගුරුවරුන්ගෙන් බහුල මේ කාලයේ රට කුමක් ‍හෝ වේවා මේ ගුරුවරයා වීදියත් පාසලක් කොට කරන මෙහෙවර අතිමහත් මෙන්ම එතුලින් පිළිඹිබු කරන්නෙ සැබෑම ගුරුවරයකුගේ ස්වරූපයයි.