මෙරට මත්පැන් පරිභෝජනයේ කැපී පෙනෙන අඩුවක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට මත්පැන් පානය කරන පුද්ගලයන්ගේ අඩුවීමක්  හාහා මත්පැන් පරිභෝජනයේද අඩුවීමක් පෙන්නුම්  කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි ..

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනට ජනතාවගේ ඇති උනන්දුව , මෙලෙස  මැත්පැන් පරිභෝජනය අඩුවීමට ප්‍රධානවම  හේතුවී ඇතැයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත .

ආර්ථිකමය වශයෙන් පොදුවේ ජනතාවට ඇති අගහිගකම්ද මේ තත්වය  සඳහා  හේතු වී ඇති අතර සමහර පිරිස් නීතිවිරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍යවලට පෙළඹීම, මත්පැන්වලින් ප්‍රතිශක්තිය අඩු වේ යැයි පැවසෙන මතය හා වැඩි වේලාවක් රැඳී සිටිමින් මත්පැන් පානය කළ හැකි අවන්හල්, තානායම් හා හෝටල් තවමත් විවෘත නොවීම යන ආදී හේතුද මත්පැන් පානය අඩු වීමට බලපා ඇති බව කොමසාරිස්වරයා පෙන්වාදේ ..