කොළඹ වරායේ සිරවී තිබූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලත් බහාලුම් මුදාහැරීම පහසු කිරීම සඳහා මහ බැංකුව විසින් රාජ්‍ය බැංකු දෙකකට අමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් නිකුත් කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි
අවශ්‍ය නම් ඒ සඳහා තවත් මුදල් නිකුත් කිරීමට කටයුතු කරන බව මහ බැංකු අධිපතිවරයා මාධ්‍ය වෙත කියා සිටියේය .
පවතින ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් 800 ක් පමණ නිදහස් කර ගත නොහැකිව කොළඹ වරායේ රඳවා තිබින .
ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් රජය තීරණය කළේ මහ බැංකුව හරහා ඊට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබාදීමටය.
ඒ අනුව කොළඹ වරායේ සිරවී තිබූ බහාලුම්වලින් කොටසක් මේ වන විට නිදහස් කර ඇති බවට වාර්තා වේ