අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ සඳහා දැනට පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට අවම වන පරිදි සහන ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ බැංකු අධිපතිවරයාට උපදෙස් ලබාදී ඇත .
අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණවලට දැනට පනවා තිබෙන ආනයන සීමා හේතුවෙන් ව්‍යාපාරිකයන් සහ ජනතාව පත්ව ඇති අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙසේ උපදෙස් ලබාදී ඇති බව අගමැති කාර්යාලය නිවේදනය කර ඇත
ඒ අනුව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඊට අදාළ විසදුම් ඉදිරිපත් කිරීමට නියමිත බවද අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය .