වසර එකහමාරකට පසු ,ඔස්ට්‍රේලියාව සංචාරකයින්ට විවෘතවේ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වසර එකහමාරකට පසු  පළමු වරට සංචාරකයින් වෙනුවෙන් සිය රට යළි විවෘත කිරීමට ඕස්ට්‍රේලියාව තිරණය කරඇත .

. කෙසේවෙතත් මෙලෙස එරටට පැමිණීමට අවසර ලබාදී ඇත්තේ එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණ කළ සංචාරකයින්ට පමනි .

පසුගිය නොවැම්බරයේ සිට සංචාරකයින් සඳහා එරට වසා දැමුණු අතර එහිදී  ඕස්ට්‍රේලියාවට ඇතුලුවීමට අවසර හිමිව තිබුණේ එරට පුරවැසියන්ට සහ අවසර ලත් පුද්ගලයින්ට පමනි . රටින් බැහැර යාමටද දැඩි සීමා පනවා තිබුනි . කොවිඩ් පාලනයට එය හේතු වුවද සිය සමීපතයින්ගෙන් වෙන්වී සිටීමට සිදුවීම හේතුවෙන් මෙම තීරණය සම්බනධයෙන් විවාදාත්මක තත්ත්වයක් පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා  පවසන්නේ එන්නත්කරණය සියයට 80 සම්පූර්ණ කළ ප්‍රාන්තවලට පූර්ණ සංචාරක නිදහසක් හිමිවන බවයි.

ඕස්ට්‍රේලියාවට පැමිණිමෙන් පසු සංචාරකයින් ඕස්ට්‍රේලියානු ඩොලර් 3,000 ක් ගෙවා දින 14 ක අනිවාර්්‍ය හෝටල් නිරෝධායනයකට ලක්විය යුතු වුණා. කෙසේවෙතත් එම තීරණයද ක්‍රමයෙන් ඉවත් කිරීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව සංචාරකයින් දින 07 ක නිවෙස් නිරෝධායනයකට ලක් කරනු ඇති.