අත්‍යාවශ්‍ය භාන්ඩ ආනයනයේදී පනවා තිබු සීමා ඉවතට

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී පනවා තිබූ සීමා ඉවත් කිරීමට තීරණය කළ බව මහ බැංකු අධිපතිවරයාප්‍රකාශ කර සිටී .

ඉදිරි මාස 06 ක කාලය සඳහා වන ආර්ථික සැළැස්ම ප්‍රකාශයට පත් කරමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව සඳහන් කළේය.

විදුලි උපකරණ, ආහාර ද්‍රව්‍ය, රූපලාවන්‍ය උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් ආනයනය කිරීමේදී ණයවර ලිපි නිකුත් කිරීම අත්හිටුවමින් මීට පෙර මහ බැංකුව නියෝගයක් නිකුත් කර තිබූ අතර එම භාණ්ඩ ආනයනයේදී 100% ක් මුදල් ගෙවීම අනිවාර්ය කර තිබිණි.

මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ රටතුළ ප්‍රමාණවත් තරම් විදේශ විනිමය තිබෙන බැවින් ඉදිරි මාස කිහිපය සඳහා අනවශ්‍ය ලෙස භාණ්ඩ තොග රැස්කර තබා නොගන්නා ලෙසයි.