අග්නිදිග විශ්ව විද්‍යාලයත් පුර්ණ පරික්ෂාවට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රමේෂ් වරල්ලෙගම

ඔලුවිල්හි පිහිටි අග්නිදිග විශ්ව විද්‍යාලය සහ එහි නේවාසිකාර යුද හමුදාවේ 24 සේනාංකයේ සෙබළුන් විසින් ඊයේ (29) විශේෂ සෝදිසියකට ලක්කර තිබේ.

සැකකටයුතු පුද්ගලයන් විශ්ව විද්‍යාලය තුළට පැමිණ ඇති බවට වු බුද්ධි තොරතුරු මත මෙම පරික්ෂා කිරීම කර ඇත.

ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට අපි කටයුතු කර තිබෙනවා. ත්‍රස්තවාදය පිළිබදව අප කොයි මොහොතකවත් අවතක්සේරුවෙන් බලන්නෙ නැහැ. ඒ නිසා දිගින් දිගටම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා යැයි 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මහතා ද කළම්බො එක්ස්ප්‍රස් කළ විමසීමේදී පැවැසීය.

මෙයට අමතරව මඩකළපුව සහ අම්පාර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක මාර්ගයේ දමා තිබු ජීව උණ්ඩ රැසක් යුද හමුදා භට පිරිස් විසින් අද දිනයේ සොයාගෙන තිබිණි.

සෝදිසි මෙහෙයුම්වලට බියෙන් ඇතැම් නිවැසියන් මෙම ජීව උණ්ඩ මාර්ගයේ දමා යන්නට ඇතැයි යුද හමුදාව සැක පහළ කරයි.