අර්ජුන ඉල්ලා අස්වුණේ නෑ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රමේෂ් වරල්ලෙගම

ආරක්ෂක අමාත්‍යධූරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රිවරයාට භාර දීම සදහා අර්ජුන රණතුංග මහතා සිය ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වු බවට සමාජ මාධ්‍ය ජාලවල පැතිර යන ප්‍රවෘත්තියේ නිවැරදි නොවන බව මාධ්‍ය ලේකම් තමිර මංජු මහතා ද කළම්බො එක්ස්ප්‍රස් වෙත සදහන් කළේය.

එහෙම කතාවක් කවුද ගහලා තියෙන්නෙ. මම තාම කාර්යාලයේ ඉන්නෙ. කිසිම දැනුම්දීමක් සිදුවෙලා නැහැ. යැයි ඇමැති අර්ජුන රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම් තමිර මංජු මහතා පැවැසීය.

ඇතැම් ‌වෙබ් අඩවිවල ‌මෙම ප්‍රවෘත්තිය සදහන් කර තිබුණේ සරත් ‌‌ෙෆොන්සේකා මහතාට ආරක්ෂක අමාත්‍යධූරය ලබා දීමට කැමැතිනම් ඒ සදහා අර්ජුන රණතුංග මහතා ඉල්ලා අස්වීමට කැමැත්ත පළ කර ඇතිබවට මහාචාර්ය ආශූ මාරසිංහ මහතා සිය සමාජ ජාල ගිණුමේ සදහන් කර ඇති බවය.

https://www.facebook.com/photo.php?fbid=10212976379953520&set=a.10202297394865567&type=3&theater