නවතම පුවත්

කොරෝනාව හමුවේ පීඩාවට පත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීමට ඉන්දියාවේ සහය !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සිව්දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ඇතුළු දූත පිරිස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී තිබේ.

අද (04) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ දී හමුව සිදුවී ඇත.

ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් පවතින ලෝක තත්ත්වයට මුහුණදීම පිළිබඳ මෙම හමුවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේ, අන්‍යොන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් ඉන්දියාව සමග සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම අපේක්ෂාව බවය.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත් මෙරට ආර්ථික ක්ෂේත්‍රය නගා සිටුවීමට අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බව ඉන්දීය විදේශ ලේකම්වරයා මෙහිදී මුදල් අමාත්‍යවරයා හමුවේ සඳහන් කර තිබේ.

ඔහු පෙන්වා දී ඇත්තේ ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකාව වෙත යොමු කරවීමේ හැකියාව සොයා බලන බවය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා