ඒ, අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ ලේකම්වරයා අතර අද පැවැති හමුවේදීයි. අරලියගහ මන්දිරයේදී එම හමුව සිදුවිය .
බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම උදෙසා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගත් පියවර එහිදී අග්‍රාමාත්‍යවරයාගේ ඇගයීමට ලක්වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.
එහිදී අදහස් පළ කරමින් ඉන්දීය විදේශ ලේකම්වරයා පැවසුවේ ඉන්දියාවේ කුෂිනගර් ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වශයෙන් ප්‍රකාශයට පත් කළ වහාම ඒ දක්වා පියාසර කරන පළමු වන්දනාකරුවන් රැගත් ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
මේ අතර දෙරට අතර සංචාරක ව්‍යාපාරය නැවත නගා සිටුවීම පිළිබඳව ද මෙම හමුවේදී අග්‍රාමාත්‍යවරයාගේ හා විදේශ ලේකම්වරයාගේ අවධානය යොමුව තිබුණා. රටවල් දෙකෙහිම කොවිඩ් මර්දන එන්නත්කරණය ඉතා හොඳින් ක්‍රියාත්මක වන බැවින් නැවත සබඳතා ආරම්භ කිරීමේ වැදගත්කම ද මෙම හමුවේදී ඉන්දීය විදේශ ලේකම්වරයා විසින් අවධාරණය කර ඇත