නවතම පුවත්

කොටස් වෙළෙඳපොළ ‌වාර්තාගත කඩඉමක් පසුකරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
කොළඹ ‌කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (04) දිනයේ දී තවත් එක් ඓතිහාසික මංසළකුණක් පසුකරන ලදී. ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,500 සීමාව ඊයේ දින අභිබවා ගිය අතර දිනය අවසානයේ දී ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,542.33 ක් ලෙසින් වාර්තා විය.

මේ අතර ඊයේ දිනයේ දී රු. බිලියන 3.62 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි. එහිදී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් රු. මිලියන 568.93 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් රු. මිලියන 498.22 ක් හා RIL ප්‍රොපටීස් රු. මිලියන 367.58 ක් ලෙසින් දෛනික පිරිවැටුමට වැඩිදායකත්වයක් ලබා දීමට සමාගම් අතුරින් පෙරමුණේ විය.

කොටස් වෙළෙඳපොළ වාර්තාවන්ට අනුව 2021 වසරේ මේ දක්වා කාලය තුළ දී 40.86% කින් සියලු කොටස් මිල දර්ශකය වර්ධනය වී ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා