නවතම පුවත්

“මේක ඩීල් එකක් නෙවෙයි විමර්ශන හරියට වෙනවා” -ආරක්ෂක ලේකම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

පාස්කු ඉරිදා ප්‍රහාරය ‘ඩීල් එකක්’ ය යන වචනය ගෞරවාන්විත අය පවා භාවිත කළ ද මෙය කිසිසේත් ඩීල් එකක් නොව, එක් වැරදි කරුණකින් පවා වරදකරුවෙක් නිදහස් වී යා හැකි බැවින් ඉතා සියුම්ව කළ යුතු විමර්ශනයක් නිසා  යම් කාලයක් ගතවන බවත් ආරක්ෂක ලේකම්, ‍ විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

කුමන විවේචන එල්ලවුවද පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන වත්මන් රජය යටතේ නිසි අයුරින් සිදුකෙරෙන බව ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කර සිටියේ පෞද්ගලික රූපවාහිනි නාලිකාවක වැඩසටහන සමග එක්වෙමිනි.

ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා එහිදී මේ පිළිබඳ වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

“මම පත්වුණාට පස්සේ පරීක්ෂණ හරියට සිදුවුණා. නමුත් තාම මුකුත් කළේ නෑ කියනවා. වත්මන් රජය පත්වුණාට පසුව 42ක් රක්ෂිත බන්ධනාගාරගත කළා. රැඳවුම් නියෝග මත 88ක් ඉන්නවා. වැරදිකාරයෙක් කියලා හිතුවට ඔප්පු කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරුණු සොයන්න ඕනේ. ඒ වෙනුවෙන් ටික කාලයක් ගතවෙනවා. එක වැරදි කරුණකින් වරදකරුවෙක් ගෙදර යන්න පුළුවන්. ජනාධිපතිතුමා පත්වෙන්න කරපු ඩීල් එකක් කියනවා. ගෞරවාන්විත අයත් ඒ වචනය භාවිත කළා. මම වගකීමෙන් කියනවා මෙය ඩීල් එකක් නෙවෙයි. ශ්‍රේෂ්ඨ ආගමක් වැරදි ලෙස අර්ථකථනය කර අඳභාවයට පත්වුණු මිනිසුන් කළ ක්‍රියාවක්.”

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා