චීන – ශ්‍රී ලංකා සබඳතා ගැන සැක සිතන්න එපා – ජනපති, ඉන්දීය විදෙස් ලේකම්ට කියයි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එකගතාවන්ට එළඹ ද්විපාර්ශවීයව ගනු ලබන තීරණ පිළිබඳ දෙරටේ ජනතාව නිවැරදිව දැනුවත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා හමුවේ අද කියා සිටියේය

වාසි අවාසි පැහැදිළි කර දී ජනතා බහුතර කැමැත්ත ගෙන ක්‍රියාකිරීමේ අවශ්‍යතාව බෙහෙවින් වැදගත් බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ඉන්දීය විදේශ ලේකම්වරයා සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කලෙය .

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර 60 – 70 දශක වල පැවැති මිත්‍රත්වය හා සබඳතාව යළි ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව කරුණු දීර්ඝව පැහැදිළි කරමින් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙ.

ඉන්දියන් සාගරයේ සාම කලාපයක් බවට පත් කිරීමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1971 වසරේ කළ යෝජනාව ඉදිරියට ගෙන යාමට ඉන්දියාවේ සහය අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබෙ

චීනය සමග ඇති සබඳතා පැහැදිළි කළ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කිසිඳු සැකයක් තබා නොගන්නා ලෙස ද ඉන්දීය විදේශ ලේකම්වරයා වෙත කියා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය .

ශ්‍රී ලංකාවේ අයෝජන අවස්ථා සඳහා පුළුල් පරිසරයක් සැකසී තිබෙනවා. ඒස ඳහා ඉන්දීය අයෝජකයින්ට ද විවෘතව ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබෙ

ත්‍රීකුණාමලය තෙල් ටැංකි පිළිබඳ පවතින තත්ත්වය දෙරටටම සුබදායී ආකාරයෙන් නිරාකරණය කිරීමේ වගකීම විෂයභාර අමාත්‍යවරයා වෙත පවරා ඇති බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය .

මේ අතර මෙරට සිව් දින නිල සංචාරය අවසන් කරමින් ඉන්දීය විදේශ ලේකම්වරයා ඇතුළු දූත පිරිස අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය .