නවතම පුවත්

පැන්ඩෝරා පත්‍රිකාවල ඇත්ත නැත්ත අභියෝගයට

Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න

පැන්ඩෝරා ලේඛනවල නම් සඳහන්  ලෝක නායකයින් කිහිපදෙනෙකුම ඒ පිළිබඳව  තම  ප්‍රතිචාර දක්වා ඇති අතර ඔවුන් මෙම වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කර ඇත .
විදෙස් වාර්තාවන්ට අනුව  රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හා ජෝර්දානයේ අබ්දුල්ලා රජු විසින් ඒ සම්බන්ධයෙන් නිළ  නිවේදනද නිකුත් කර එම නිවේදන මගින් ඔවුන් පෙන්වා දෙන්නේ තමන් කිසිඳු වැරදි ක්‍රියාවක් සිදුකර නොමැති බවය

අබ්දුල්ලා රජුට විදෙස් රටවල වත්කම් තිබීම අසාමාන්‍ය හෝ අනවශ්‍ය දෙයක් නොවන බවයි ජෝර්දානයේ රාජකීය මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. රජු විසින් ස්ටර්ලින් පවුම් මිලියන 70 ක වටිනාකමකින් යුත් අමෙරිකාවේ සහ බ්‍රිතානයේ දේපළ රහසිගතව රැස්කර ගෙන සිටින බවත් විදෙස් රටවල ඔහුට අයත් නිවාස 15 ක් ඇති බවත් පැන්ඩෝරා ලිපි මගින් අනාවරණ කර තිබුණා.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සතුව ද විදෙස් රටවල සැගවූ වත්තම් ඇති බවට පැන්ඩෝරා ලිපි මගින් හෙළිදරව් කර තිබෙනවා. ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රෙම්ලිනය පැවසුවේ ජනාධිපතිවරයාට එරෙහිව එල්ල කර ඇති චෝදනා තහවුරු කිරීමට තරම් පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත්ව නොමැති බවයි. එසේම රුසියානු ජනාධිපතිවරයා සතුව සැගවූ වත්කම් නොමැති බව ද ක්‍රෙම්ලිනය ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර සැගවූ වත්කම් ඇති බවට පැන්ඩෝරා ලිපි මගින් චෝදනා එල්ල වූ චෙක් ජනපදයේ අග්‍රාමාත්‍යවරයා පවසන්නේ එම චෝදනා එළඹෙන මහ මැතිවරණයට බලපෑම් කිරීමේ උත්සහයක් බවයි. කෙන්යාවේ ජනාධිපතිවරයාට හා ඔහුලේ පවුලේ සාමාජිකයින්ට විදෙස් රටවල රහස්‍ය වත්කම් ඇති බවට පැන්ඩෝරා ලිපි මගින් චෝදනා එල්ල වුණා. ඊට ප්‍රතිචාර දක්වමින් කෙන්යාවේ ජනාධිපති උහුරු කෙන්යාටා පැවසුවේ තමන් විදේශගතව සිටින බැවින් සිය රට පැමිණි පසු චෝදනාවන්ට පිළිතුරු ලබාදෙන බවයි.

මේ අතර වත්කම් සගවා ඇති බවට පකිස්තානයේ කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ඇතුළු පිරිකට ද පැන්ඩෝරා ලිපි මගින් චෝදනා එල්ල වුණා. එලෙස චෝදනාවන්ට ලක්වූ පුද්ගලයින් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන බවයි පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අවධාරණය කළේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා