පැන්ඩෝරා පත්‍රිකා ගැන පරීක්‍ෂණ අරඹන්න – ජනපති උපදෙස් දේ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ Pandora Papers නමින් හෙළිකළ වත්කම් සටහන්වල නම් සටහන් සියලු ම ශ්‍රී ලාංකිකයින් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්න ලෙස , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.
මසක් ඇතුළත එහි වාර්තාව ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා සභාපතිවරයාට උපදෙස් දුන් බව ජනාධිපති ප්‍රකාශකවරයා පැවසී ය.