ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය නමින් උසස් අධ්‍යාපන පර්යේෂණ හා පුහුණු ආයතනයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ
ඒ, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුවයි.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේද පැවසීය .
මෙරට තුල ඉහල ගුණාත්මක බවකින් යුක්ත ජනමාධ්‍ය භාවිතාවක් ඇතිකරලීමට මෙම පියවරගන්නවා, සහතික පත්‍ර , ඩිප්ලෝමා මට්ටම පමණක් නොව උපාධි හා පශ්චාත් උපාධි මට්ටම දක්වා ජනමාධ්‍ය හැදෑරීම සඳහා මෙහිදී අවස්තාව සලසනවා . මෙම ආයතනය පිහිටුවීමේදී ජනමාධ්‍ය ක්ශේත්‍රයේ ප්‍රවීණයින්ගේ අදහස් ලබා ගන්නට පියවර ගන්නවා