ප්‍රබෝධා හෙට්ටිආරච්චි
කොරියා ජනරජයේ සූවොන් සිටි හි පැවති එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහනෙහි ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල පරිසර බලධාරින්ගේ 04 වන සැසිවාරයේ සභාපතිධුරයට විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත්වී තිබේ.
ආසියා පැසිපික් කලාපයේ රටවල් 47ක පරිසර අමාත්‍යවරුන් සහ බලධාරින් මෙම සමුළුව නියෝජනය කරයි.
ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පාරිසරික වැඩසටහනේ 05 වන මහ සභා රැස්වීමේ දී ආසියා පැසිපික් කලාපයේ පරිසර බලධාරින්ගේ නියෝජිත බියුරෝවේ සභාපති වශයෙන් ඔහු එම සැසිවාරය නියෝජනය කරනනු ඇත.
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඉදිරි වසරක කාලය වෙනුවෙන් මෙම තනතුර සඳහා තේරීපත්වී ඇත්තේ මේ දිනවල දකුණු කොරියාවේ සූවොන් නගරයේ පැවැත්වෙන ආසියා පැසිපික් කලාපයේ පරිසර අමාත්යිවරුන්ගේ 04 වන සැසිවාරයට සමගාමීව පැවැත්වෙන පරිසර බලධාරින්ගේ නියේජිත සමුළුවේ දීය.