නිරූපමාගේ සැමියා පැන්ඩෝරා ගැන ජනපතිට ලියයි

Picture of Roshan

Roshan


පැතුම් වික්‍රමරත්න

පැන්ඩෝරා පත්‍රිකාවලින් සැඟවුණු වත්කම් පිළිබඳ හෙළිවූ නම් අතර තිබූ හිටපු නියෙයා්ජ්‍ය ඇමතිනි නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන  තිරු නඩේසන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ (06) ලිපියක් යොමු කර තිබේ.

ඔහු පවසන්නේ අදාල චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසයි. ඒ සඳහා ස්වාධීන විමර්ශන නිළධාරියෙකු පත් කරන ලෙස ඉල්ලා සිටින නඩේසන් මහතා පවසන්නේ විමර්ශන සඳහා උපරිම සහයෝගය ලබාදෙන බවයි.

මෙම චෝදනා එල්ලවීමත් සමග තමා සහ තම බිරිඳ වන නිරූපමා රාජපක්ෂ මහත්මිය දැඩි මානසික වියවුලකට පත්ව සිටින බවත්, එම පීඩාවෙන් මිදීම සඳහා පරීක්ෂණ හරහා තමන් නිවැරදි බව තහවුරු කිරීමට අවශ්‍ය බවත් ඔහු සිය ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබුණි.