දරුවන් අරන් සිඟාකෑමට එන යාචකයන්ට නීතිය හරස් වෙයි  

Picture of Roshan

Roshan


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

යාචකයන් දරුවන් යොදා ගනිමින් සිඟාකෑමට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

කෙටි කාලයක් තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි  එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

දරුවන් රැගෙන සිඟමන් යදින්නන් හා එම වීදි දරුවන් සම්බන්ධව කටයුතු කිරීමට අධිකරණ අමාත්‍යාංශය හා එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැකසීමට නියමිතය.

දුම්රිය, බස්රථ ආදී පොදු ස්ථානවලදී මෙන්ම නගරබදව මාර්ග තදබද පවතින ස්ථානවලට මෙලෙස යාචකයන් දරුවන් රැගෙන ඒම සුලභ දසුනකි.

මෙම වැඩපිළිවෙළ සඳහා පොලිසියේද සහය ලබාගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.