ප්‍රබෝධා හෙට්ටිආරච්චි
කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්ති යන භාණ්ඩවල පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.
එහෙත් ඒවායෙහි මිල අසාධාරණ ලෙස ඉහළ දැමීමට ඉඩ නොතබන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
සිමෙන්ති, එල්පී ගෑස්, කිරිපිටි සහ තිරිඟු පිටි මිල සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරුන් සහ ජනාධිපතිවරයා අතර ඊයේ(7) පැවති විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත