‘තායිවාන්’ජාත්‍යන්තර විලාසිතා නිර්මාණ තරඟයේ ජය ශ්‍රී ලංකාවට!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(නිශාන්ත අල්විස් )

තායිවානයේ අන්තර් ජාතික විලාසිතා නිර්මාණ තරඟාවලියේදී ශ්‍රී ලංකාවෙි රැවන්ති ගජධීර පළමු ස්ථානය දිනා ගෙන තිබෙි.

එම ජයග්‍රහණය වෙනු⁣වෙන් ඇයට හිමිවු ත්‍යාග මුදල අමරිකානු ඩොලර් 10,000 කි.

රටවල් හා කලාප 18 ක නිර්මාණකරැවන් 450 ක් අභිබවා තම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වු රැවන්ති මෙරට ප්‍රමුඛ පෙලේ නිර්මාණශීල්පිනියකි.

ඇය ගේ නිර්මාණයේ නම ” කෑලි – තිරසාර එකතුවක් ” යන්නයි.

ඊට විනිසුරු මඩුල්ලේ මෙන්ම ප්‍රේක්ෂකාගරයේ ද අවධානය යොමු විය.

පේෂකලා, අත් ලේස් , බීරළු, ස්වාභාවික සායමි වැනි අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිර්මාණශීලී ලෙස ඇඳුම් සකසා තිබෙි.
තායිවාන අන්තර් ජාතික විලාසිතා තරඟයක ප්‍රථම ස්ථානය දිනාගත් පුද්ගලයා වන්නේද ඇයයි.

තරඟාවලිය, තායිවානයේ සොන්ග්ෂාන් සංස්කෘතික හා නිර්මාණාත්මක උද්‍යානයේ පිහිටි තායිපේ විලාසිතා සතිය වෙනු⁣වෙන් පැවැත්විණ.