චීනය අප්‍රිකාවේ ඩොලර් බිලියන 8ක් ආයෝජනය කරයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පශ්චාත් කෝවිඩ් ආර්ථික සැලසුම් යටතේ චීනය සහ චීන සමාගම් අප්‍රිකානු මහාද්වීපයේ ඇමරිකානු ඩොලර් බිලියන 8. 43 ක් වටිනා ආයෝජන සිදුකිරීමට සූදානම් වන බව වාර්තාවේ.

ඩිජිටල් සේද මාවත හෙවත් ඩිජිටල් සිල්ක් රෝඩ් වැඩසටහන යටතේ සිදුකරන මෙම ආයෝජන ව්‍යාපෘතිය යටතේ හුවාවි, ZTE සහ ක්ලවුඩ්වෝක් යන චීන සමාගම් අප්‍රිකානු කලාපයේ රටවල් තුළ මහා පරිමාණයෙන් සිය ආයෝජන සිදුකිරීමට නියමිත බව සදහන්.ය

එම සමාගම්, නයිජීරියාව, සැම්බියාව, ඇන්ගෝලාව, ඉතියෝපියාව සහ සිම්බාව්වේ යන රටවල ජංගම දුරකතන, සමාජ මාධ්‍ය සහ විද්‍යුත් වෙළෙදාමට අදාළ ක්ෂේත්‍රවල ආයෝජන සිදුකරනු ඇත.

මේ අතර චීනය අප්‍රිකාව සහ යුරෝපය සම්බන්ධ කරමින් මුහුද යටින් කිලෝමීටර් 37,000 ක් දුරට දිවෙන අන්තර්ජාල කේබල් ව්‍යාපෘතියක් ඉදිකිරීමේ කටයුතුවලටද සම්බන්ධ වී සිටි.