නවතම පුවත්

ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනක් සමඟ හම්බන්තොට වරායේ පැළ සිටුවීමේ ව්‍යාපෘතියක්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ගෝලීය හවුල්කරු වන සී.එම්.පෝර්ට් (CMPort) සමාගමේ මව් සමාගම වන චයිනා මර්චන්ට්ස් සමූහයේ (China Merchants Group – CMG) සමාගම් දිනය නිමිත්තෙන් වරාය සිය පළමු ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන පසුගිය 11 වැනි සඳුදා දින ආරම්භ කළේය. ජෛව හායනය (biodegradable) සිදුවන ඝන අපද්‍රව්‍ය තිරසාර ලෙස කළමනාකරණය කිරීම සඳහා වූ මෙය උපායමාර්ගික ප්‍රවේශයකි. මෙම ක්‍රියාවලිය මඟින් අපද්‍රව්‍ය ප්‍රභවය, උත්පාදනය, වෙන් කිරීම, මාරු කිරීම, වර්ග කිරීම, පිරියම් කිරීම, ප්‍රතිසාධනය සහ බැහැර කිරීම සිදු වේ.

“මෙම වැඩසටහනේ මූලික අදහස වන්නේ වරායට පැමිණෙන යාත්‍රාවලින් ඉවතලන කුණු ඇතුළු දිරාපත් වන ද්‍රව්‍ය එකතු කර කෝම්පොස්ට් පොහොර සැකසීමයි. සැකසූ නිෂ්පාදනය වරාය සහ කාර්මික කලාපය තුළ සිටුවනු ලබන ගස් සඳහා පොහොර ලෙස භාවිතා කරන” බව, හම්බන්තොට වරායේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරි, මානව සම්පත් හා පරිපාලන, ජීවන් ප්‍රේමසර මහතා පැවසීය.

CMG සමාගම් දිනයට සමගාමීව ‘පරිසරය සුවපත් කිරීම’ යන තේමාව යටතේ පැවැත්වූ තිරසර වැඩසටහන, ප්‍රධාන විධායක නිලධාරි ජොන්සන් ලියුගේ ප්‍රධානත්වයෙන් දියත් කෙරුණි. හම්බන්තොට වියළි කලාපයේ උද්භිද උද්‍යානය මඟින් නිර්දේශිත විවිධ ප්‍රභේදවල පැළ 500 ක් සිටුවීම ද මෙම වැඩසටහනට ඇතුළත් විය. ව්‍යාපෘතියේ පළමු අදියර වශයෙන් පැළ විසිපහක් රෝපණය කළ අතර, කර්මාන්ත කලාපයේ සහ වරාය පරිශ්‍රයේ ජෛව විවිධත්වය පොහොසත් කරන ආවේණික ගස් වැඩීමට හා පෝෂණය කිරීමට වරාය සැලසුම් කරයි.

“මෙම ගස් සිටුවීමේ හා අපද්‍රව්‍ය කළමනාකරණය/ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘති වල පළමු අදියර දියත් කිරීමත් සමඟ, හම්බන්තොට ප්‍රදේශයේ වැලි සහිත පසෙහි සශ්‍රීකව වැඩෙන විවිධ ආවේණික පැළ රෝපණය කිරීම පිළිබඳව මීලඟ අදියරයේදි අපි සලකා බලමු. එමෙන්ම නිසි අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයන්ගේ වැදගත්කම අවබෝධ කරගනිමින් අනාගතයේදී දිස්ත්‍රික්කයේ ප්‍රධාන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ව්‍යාපෘති සමඟ හවුල් වීමට බලාපොරොත්තු වෙමු. අප කලාපයේ විවිධ කර්මාන්ත ආරම්භ කිරීමත් සමඟ, අපේ පරිසරය හරිත හා පරිසර හිතකාමී බවට පත් කිරීමට බලාපොරොත්තු වන අතර, එය හරිත වරායක් බවට පත් කිරීමේ අපේ ඉලක්කයට අපව සමීප කරවනු ඇතැයි අප සිතමු” යනුවෙන් ප්‍රේමසර මහතා සඳහන් කරයි.

CMGහි සමාගම් දිනය මේ වසරේ වසර 149 ක තිරසාර මෙහෙයුම් සමරනු ලබයි. පරිසරය ආරක්‍ෂා කිරීම සහ නඩත්තු කිරීම සඳහා වූ ව්‍යාපෘති ගණනාවකට සම්බන්ධ වී සිටින CMG, සිය තිරසාරභාවය පිළිබඳ එහි සාමාජිකයින්, හවුල්කරුවන් සහ ආශ්‍රිත සංවිධානද දැනුවත් කරනු ලබයි. හම්බන්තොට වරාය විසින් සිදු කරන ලද ‘පරිසරය සුවපත් කිරීමේ’ ව්‍යාපෘතිය ඔවුන්ගේ ජාත්‍යන්තර හවුල්කරුවාගේ තිරසර දැක්මේ තවත් එක් ව්‍යාප්තියකි.

මෙම උත්සවය වරාය පරිශ්‍රයේ දී දැඩි සෞඛ්‍ය හා ආරක්‍ෂක රෙගුලාසි යටතේ පැවැත්වූ අතර ඒ සඳහා සීමිත කාර්ය මණ්ඩලයක් සහභාගී වූහ.


IMG 01 – චයිනා මර්චන්ට්ස් සමූහයේ සමාගම් දිනය නිමිත්තෙන් පැවැත් වූ පැළ සිටුවීමේ උත්සවයේදී හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු පැළයක් රෝපණය කරමින්.

IMG05 – උත්සවය වරාය පරිශ්‍රයේ දී දැඩි සෞඛ්‍ය හා ආරක්‍ෂක රෙගුලාසි යටතේ පැවැත්වූ අතර ඒ සඳහා සීමිත කාර්ය මණ්ඩලයක් සහභාගී වෙමින්.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්