නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ලබන වසරේ රජයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් අභිනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොටුම්පත සකස් කර නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපතිතුමා පත්කළ නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කමිටුව වැඩ අවසන් කර ඇති බවත් බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කරන අයවැය පිළිබඳ අවසාන ඡන්දය දෙසැම්බර් 10 පැවැත්වීම නිසා 2022 ජනවාරි මාසයේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අවදානය යොමු කිරීමේ හැකියා ලැබෙන බවත් අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කීය.